Saturday, October 7, 2017

Fabricated City Korean Movie

ක්‍රියාදාම සහ අපරාධ ගණයට  අයත් වන මෙම චිත්‍රපටය තිරගත වුයේ  2017 පෙබරවාරි 09 වෙනිදාය.IMDB  7.2 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේ චිත්‍රපටිය සදහා ඉහළ තාක්ෂණයක් භාවිතා කරලා තියෙනවා.

කතාව පැත්තට යොමු උනොත්  මෙහි ප්‍රධාන චරිතය ක්වොන් යූ (Ji Chang-wook) කියන්නෙ නරක හැසිරීම නිසා කොරියානු ටයිකොණ්ඩෝ ජාතික කණ්ඩායමෙන් එළියට දාලා රැකියාවක් නොමැතිව වීඩියෝ ගේම් සෙල්ලම් කර කර ඉන්න තරුණයෙක් . මෙයාට කණ්ඩායමක් ඉන්නවා මෙයා තමයි ඒ කණ්ඩායමේ නායකයා ඔයලා දන්නවා ඇතිනේ ඔය call of duty වගේ multiplayer ගේම්ස් තියෙන්නේ සෙට් එකක් එකතු වෙලා ගහන්නේ අන්න ඒ වගේ කණ්ඩායමක් හදාගෙන ගේම් ගහන කෙනෙක්.ගේම් ලෝකෙනම් මෙයා හොදටම ජනප්‍රියයි. ඔය ගේම් ගහන පුරුද්ද නිසාම තමයි මෙයාට මේ ඇබැද්දිය වෙන්නේ  මෙයා ගේම් ගහන තැන ෆෝන් එකක් අමතක වෙලා දාලා ගහින් තියනෙවා ඒකට  ඒ ෆෝන් එකේ අයිතිකාරි කෝල් කරලා කියනවා  ෆෝන් ඒක එයා ඉන්න තැනට ගෙනත් දෙන්න සල්ලි දෙන්නම් කියලත් කියනවා කොහොමහරි මෙයා ෆෝන් එක ගිහින් දීලා සල්ලිත් අරන් එනවා.හැබැයි ඒ කෙල්ලව කව්දෝ රෑ දුෂණය කරලා මරලා දාලා ඒකට මෙයාව තමයි අහුවෙන්නේ.හැබැයි වැඩේ කියන්නේ සාක්ෂි ඔක්කොම මෙයාට විරුද්ධව තමා තියෙන්නේ ගැලවෙන්න කිසිම මාර්ගයක් නෑ මෙයාම කර විදියට සුපිරියටම සාක්ෂිත් හදලා තියෙනවා කොටින්ම කිව්වොත් DNA පවා ගැලපෙනවා.ඉතින් මෙයාව දුෂකයෙක් හා මිනිමරුවෙක් විදියට සිරගත වෙන්න සිද්ද වෙනවා.  
                                                                                                               මෙයා ඊට පස්සේ හිරෙන් පයින්වා ඒ කරලා මෙයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න තමයි හදන්නේ මේකට එයාගේ අර ගේම් ගහන කණ්ඩායමේ කට්ටියත් උදවුවට එනවා. මෙයලා මේ ගැන හොයද්දි මෙයාලට දැනගන්න හම්බෙනවා මේ වගේ තවත් සිද්දි වෙලා තියෙනවා කියලා ඉතින් මෙයලා කට්ටිය එකතු වෙලා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න දරන වෑයම ගැන තමයි මේ කතාව තියෙන්නේ.මගේ පෞද්ගලික මතයනම් මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට නැරබීමට කැමති අය අනිවාර්යෙන්ම නැරබිය යුතු චිත්‍රපටයක් කියලා 

වැඩි විස්තර ඕනේ නෑනේ චිත්‍රපටයේ  Trailer එක තියෙනවා බලලම  තීරණය කරන්න .

Download Movie = http://myasiantv.se/movie/fabricated-city/download/
                                       

No comments:

Post a Comment